වෙනස




ගොම මැටි පොළොව මත
එලූ රළු පන් පැදුර
හීනියට රිදුමකින්
පිටිකර පෙළන විට


පිණි පොද වැටෙන හඬ
පොල් අතු වහළ මත
මතු කළා සීතලක්
කිති කවමින්ම ගත....


වහළයේ සිදුරු මැද
වැගිරෙනා තරු එළිය
සොයා විත් නෙත ද සිත
අහස් ඉම පසු කර


"අන්න රතු තරුවක්"
ඇඟිල්ලද දිගු කර
පෙන්වීමි ඈ හට
එබී දෙනයන වෙත.....


"කාලයත් හරි වගේ,
වහළය හෙවිල්ලන්නට"
අඩ නින්දෙන්ම පවසා
හැරුණාය ඇය අනෙක් ඇළයට

Comments

  1. නියමයි.....
    වෙනස්ම කෝණයකින් හිතලා.....
    අපූරුයි.....
    මම කියවපු ලස්සනම නිසදෙසක්.....

    මගේ සුබ පැතුම් අක්කේ.....
    :) :) :) :) :)

    ReplyDelete
  2. ජීවිතේ යථාර්තය ඕක තමයි.. අපුරුවට කවියෙන් ඒක සිත්තම් කරලා

    ReplyDelete
  3. :D වෙනස
    අපූරු වෙනසක්..!
    සුබ පැතුම් තව තවත් නිර්මාණ බිහිවෙන්නට..!!!

    ReplyDelete
  4. අමා නංගි- ඔයාගේ නිර්ලෝභී ප්‍රශංසා වලට ස්තූතියි

    සරත් අයියා- ඒක ඇත්ත. අපි ලස්සනයි කියලා දකින දේවල් ඇතුළෙ තව කොයි තරම් අසුන්දර කතා හැංගිලා තියෙනවද...

    නන්දු - වෙනසක්!! ඔහුට පේන්නෙ ඈත අහසෙ තියන ලස්සන තරුව. ඇයට පේන්නෙ වහලය දිරලා තියන හැටි. කවුද හරි,කවුද වැරදි? දෙන්නම හරි මට හිතෙන විදියට

    ReplyDelete
  5. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියන්නේ මේ නිසා වෙන්න ඇත්... ශුවර් බුවා ළගදිම වහලේ හෙවිල්ලනවා... :)

    ReplyDelete

Post a Comment