කුස ට හිතෙන හැටි


පුංචි කාලෙ ඉඳන්ම අහලා හිතේ ‍රැඳිලා  තිබුණ කලු සුදු කුස ජාතකයට පාට ලැබුණා මේ ලඟදි දවසක.
මගෙ ප්‍රියතම ගීත රචකයා, සහ ජ'පුරෙ අනිත් පීඨ වල මහාචාර්ය වරුන්ගෙන් මම වඩාත් ගරු කළ මහාචාර්ය වරයා හදිසියේම මගෙ ප්‍රියතම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂ වරයා බවට පත් වුණා.... 






එක එක විචාරකයන් එක එක විදියට "කුස - පබා" අර්ථකතනය කරනවා ඇති..... මගෙ වාසනාවට මම ඒ චිත්‍රපට විචාර එකක් වත් කියවන්නෙ නෑ..මොකද, එක පුද්ගලයෙක්ගෙ මතයක් කියවලා හෝ අහලා, මගෙ හිතේ ඇති වෙලා තියන පහන් හැඟීම නැති කරගන්න මම කැමති නෑ.  චිත්‍රපටය ගලාගෙන යනකොට දැකපු පුංචිම පුංචි දුර්වලතා එකක් හෝ දෙකක් තිබුණා. ඒත් ඒ ගැන මම හිතන්නෙවත් නැත්තෙ සුනිල් ආරියරත්න සර් එක්ක බලනකොට මම දන්න මෙලෝ හසරක් නැති නිසා සහ, මගෙ හිතම වශී කරගත්ත කුස පබා කාලෙකින් බලපු සර්ව පරිපූර්ණත්වයට ආසන්න වූ නිර්මාණයක් නිසා.................




සියලුම නළු නිළියන් පැහැදිලිවම ඒ චරිත වලට සාධාරණයක් කරලා තිබුණා. හිමාලි සයුරංගිගෙ හඬ, පූජා උමාශංකර් ට සාධාරණයක් කරලා තිබුණා. වෙන එකක් තියා මගෙ හිතේ ප්‍රසන්න හැඟීමක් නොතිබුණ රොශාන් රණවන දිහාත් වෙනස් විදියකට බලන්න මට පුළුවන් වුණා මේ චිත්‍රපටය නිසා... සංගීතය ගැන කතා කරන්නවත් හිතෙන්නෙ නෑ මට, මොකද ආපහු ආපහු චිත්‍රපටය බලන්න හිතෙනවා ඒ ගැන මතක් වෙද්දි. 


කතාව ගොඩ නැගීගෙන යනකොට මගෙ හිතට තදින්ම දැනුනු දෙයක් තමයි පබා ව බොරුවෙන් මුලා කිරීම ගැන කුස තැවෙන විදිය. ඇත්තටම ඒ ප්‍රයෝගය නම් සැර වැඩියි... ඒ ගැන හිතලා කුස කොයි තරම් නම් විඳවන්න ඇතිද....
ඒ ගැන හිතද්දීයි මේ කවිය ලියවුනේ..


මඳ මාරුතය සැලිලා පිණි පොකුරු මැදින්
සුවඳත් විසිරිලා නා මල් සුවඳ මුවින්
‍රැ තුන් යාමයේ මා වෙත බැඳී පෙමින්
මන මත් වුණා නුඹෙ රූ සිරි දකිනු රිසින්


රන් වන් තුනු සපුව නෙත නොගැටෙනා නිසා
දෑඟිලි තුඩග පමණක් දිටි රුසිරු සොබා
මුව මත සුවඳ රඳවා නුඹ  ‍රැයක් පුරා
අරුණට කළින් රහසෙම මා  දමා ගියා

සිත ළඟ තුරුලු වුණ නා මල් සුවඳ පුරා
නුඹ පෑ සෙනෙහසට නෙත් විල පිරී ගියා
කිංකිණි සිනා ඇසුනා හදවතම දවා
කුමරිය බලා හිඳිනෙමි තරු නැගෙන තුරා

පුන් සඳ මැකී යන විට අරුණට ඉඩ දී
සඳ බැස ගොසිනි යහනත හැඩ කළ ලං වී
නුඹෙ මුදු සුවඳ පමණක් සිත තුළ පැටලී
දහවල කළුවරයි නුඹ ලඟ නැති විටදී

ජයපති කුමරුවන් රුව සිහි තබාගෙන
නුඹෙ දෙනෙතින් ගලන සෙනෙහස් සිනා පොද
සිතුවම් මවන සඳ මා සිත වෙලාගෙන
මුවගින් සිනාසෙමි හදවත හඬන සඳ

Comments

  1. චිත්‍රපටයට හැමෝම වගේ සාධාරණය ඉටු කරලා තියෙනවා..ජැක්සන් ඇන්තනිගේ ගේ රංගනයත් උපරිමයි..අක්ක කිව්වත් වගේ රොෂාන් රණවනගේත් වෙනස්ම විදියක රංගනයක් දැක්කේ මේ ෆිල්ම් ඒකෙන තමා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ලංකාවෙ ඉන්න දක්ෂ නලුවෙක් ජැක්සන් කියන්නෙ. කුහක කම් අත ඇරියොත් ඒක පිළි නොගන්න අයත් පිළි ගනියි
      මට මතක් වෙන්නෙ ගරිල්ලා මාකටින් එකේ රංගනය. උපරිමයි

      Delete
  2. මටත් ඕක බලන්න හම්බුනේ අහම්බෙන් වගේ.. ඒත් බැලුවට පස්සේ ආපහු බලන්න හිතුන නිසාම එදාට දවස් 2කට පස්සේ මම ආපහු බැලුවා

    ReplyDelete
    Replies
    1. දෙපාරක් බැලුවාට පාඩු නැති චිත්‍රපටියක්. ඒක නෙමේ, කොහොමද පළවෙනි පාර "අහම්බෙන්" පෙනුනෙ??? ;-)

      Delete
  3. මහාචාර්ය තුමා නමට අධ්‍යතක්ෂක.. ඇත්ත අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක.

    ReplyDelete
    Replies
    1. නෑ???? සිරාවට??? ඔයා ඒක හදද්දි එතන හිටියා ද? ඒක නෙමේ, කුස පබා ත් ළමා චිත්‍රපටියක් ද? මම මේ දැනගන්න ඇහුවෙ දන්නෙ නැති නිසා. මොකද ආචාර්ය සෝමරත්න දිසානායක හදන්නෙ ගොඩාක්ම ළමා චිත්‍රපටිනෙ

      Delete
    2. මම හිටියෙ නෑ. වානිජ චිත්‍රපට කර්මාන්තයේ එක අංගයක්. mask director ට අධ්‍යක්ෂණයට සම්මාන හම්බ වෙන්නෙ නෑ මේකෙදි. චිත්‍රපට අධ්‍යක්ෂණයේ වැඩි පළපුරුද්දක් නැති නිසා මහාචාර්ය තුමාගේ කර්තව්‍ය එතන කරන්න තව කෙනෙක් ඕනා.

      Delete
    3. ඔයා කියන්නෙ ඇත්ත වෙන්න ඇති. ඒත් ක්ෂෙත්‍රය ගැන අවබෝධයක් නෑ මට. ඒ නිසා ඔයා කියන දේ ගැන දන්නෙ නෑ.....මම දන්න එකම දේ රස විඳින්න පුළුවන් නිර්මාණ රස විඳින එක විතරයි.

      Delete
  4. සින්දූපා අක්කියා, මට නම් තවම මෙ ෆිල්ම් එක බලන්න බැරි උනා අක්කියෝ. :( මන් අහල තියෙනව ලස්සනයි කියල නම්. 13 වෙනිද පහුවෙලා තමා බලන්න වෙන්නෙ. :( මාත් බලල කියන්නම්කො අක්කියො. ෆිල්ම් එක නම් බලන්නත් ආසයි. :)

    ReplyDelete
    Replies
    1. බලන්න මල්ලි. worth watching

      Delete
  5. මම තාම මේ ෆිල්ම් එක බලලා නෑනේ.. වෙලාවක බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. වෙලාවක් හොයාගෙන බලන්න දිනේශ්. මහින්දාගමනය බලලා මට සිංහල චිත්‍රපටි එපා වෙලා හිටියෙ. හොඳ වෙලාවට මේක බැලුවෙ

      Delete
  6. නැබුලු යකෙක් මා අත ගති තදේයා......

    ReplyDelete
    Replies
    1. කඳුලු සලා හඬමින් ඉකි බිඳේයා

      Delete
    2. මම දන්න ගැණුලමයකුත් හිටියා 'කඳුලු සලා හඬමින් ඉකි බිඳේයා' හැමවෙලවෙම....

      Delete
    3. මේ නම් මට කියපු එකක්ද මන්දා.... (අපේ සර් කෙනෙක් වත්ද??? )

      Delete
  7. මම තාම ෆිල්ම් එක බැලුවෙ නෑ. ඒ නිසා ඒ ගැන මොකුත් කියන්න බෑ.
    හැබැයි මේ ලියලා තියෙන කවිය නම් නියමයි. පත්තරේකිනුත් පබ්ලිෂ් කළානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත්

      Delete
  8. පිල්ම් එක නම් කවදා බලන්න වෙයිද දන්නේ නෑ,,ඊට ඉස්සල්ලා හොරෙන් කොපියක් ආවොත් බලනවා,,,හැබැයි මට අද සිංදු සෙට් එක ලැබුනා,, සිංදු ටික නම් ගොඩක් ලස්සනයි, යූටියුබ් හරහා පොඩි කොටස් නැරබුවා, අපේ රටේ නිළි හිගය දැන් පූජා පුරෝනවා නේද හොදටම..(නිළි හිගයකට වඩා තියෙන්නේ නමට පමනක් නිළියෝ නේ)

    ReplyDelete
    Replies
    1. පූජා මම හිතන්නෙ ඒ චරිතය ට ගැලපෙනවා. චන්න පෙරෙරා ගෙ හොඳ සොයා ගැනීමක්

      Delete
  9. ෆිල්ම් එක නම් තාමත් බලන්න බැරි වුණා .. දවසක ඒක බලන්නත් සෙට් වෙන්න ඕනෙ

    ඒත් මේ ලියලා තියන කවිය නම් හරිම ගති ..

    ReplyDelete
    Replies
    1. බලන්න මල්ලි අනිවාර්යෙන්.... ඔයා බලන්නම ඕනා ඒක.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ෆිල්ම් එක බැලුවෙ නම් නෑ අක්කේ. ඒත් ඇත්තටම ඔයාගේ කවි ලස්සනයි..... :) :) :) :) :)

    ReplyDelete
  12. කුස සහ පබාවත පන්හිඳ අගට ගෙනා
    කව් පද නිහඬ මුත් සිතුවිලි සසල වෙනා
    දකිනට අලුත් අරුතක් කිවිඳිය සිතනා
    කව් පෙළ අගෙයි මිතුරියෙ, හදවත බැ‍‍‍‍‍ඳෙනා...

    ReplyDelete
  13. ෆිල්ම් එක බැලුව Wellington, NZ වලදී. ලස්සනයි, ඒ වගේම රසවින්දා. අඩුපාඩු නොදැක්කම නෙමෙයි නමුත් වින්දනීය නිර්මාණයක් කියල අගය කරන්න පුළුවන්.

    ඔයාගේ කවියත් ඒ වගේම රසවින්දා. සුන්දර අදහස් වලට බොහොම ස්තුතියි.

    Lilupa.

    ReplyDelete

Post a Comment