ප්ලාස්ටික් වලින් මිනී පෙට්ටිය සාදනු වස්...........!!!!

    ද හවස දැකපු දර්ශනයක් නිසා මට හදිසියෙම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ, අවුරුදු සිය ගාණක් පරයි කියලා හිතෙන මහා විසාල ගස් වගයක් කපලා , දෙනෝ දාහක් දෙනා යන එන පාරෙ මහ දවල් අරන් ගියා. කාගෙ හයියකටද මම දන්නෙ නෑ. අවාසනාවට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා මගෙ කබල් ෆෝන් එකෙන්..... මේ කවිය මම ලිවුවෙ ඒ ගස් ටික කපන්න තීරණය කරපු කවුරු හරි මනුස්සයා ගැන හිතලා...........





කියත් තල වල දත් විලිස්සන්
පළා ළය මිහි මණ්ඩලේ
උරා සාරය බොමින් සතුටින්
ලී මඩුව ළඟ මන්දිරේ.....

තුරු ලතා සිඳ බිම හෙලන්නට
දිරිය ලැබ ගෙන එඩි බලේ
පණ යදී මිහි මඬල සිපගෙන
තුරු රජුන් නුඹ පාමුලේ.............

මුරුගසන් වරුසා වසීයි
නියඟයෙන් ගම් බිම් පාලු වේ
සා පවස නොම නිවාගන්නට
දිය පොදක් නැති වී යතේ......

කාසි කඳුරක ගිලී මිය යයි
සුසුම් සිර වී නුඹ මලේ
එකම එක තනි ගසක් වත් මෙහි
ඉතුරු කරලනු මැන වනේ......

සදන්නට නුඹෙ මිනී පෙට්ටිය
ප්ලාස්ටික් ගෙන මතු දිනේ
නොහැකි වෙවිය ඒ නිසා 
තනි ගසක් වත් සුරකිනු මැනේ........



Comments

  1. ගහක් නං කෙනෙක්ට වවන්න පුළුවනි....
    ඒත් ඒ ගහ හදපු හිත....
    ගහ කැපුවම ඒ ගහ හදපු හිත ජීවත් වෙලා ඉන්නවානං කොච්චර වේදනාවක් ඒ හිතට දැනෙනවා ඇද්ද?

    අනේ මංදා....

    ජය වේවා!!!

    ReplyDelete
  2. දවසකට ගස් කීයක් නං කැපෙනවා ඇද්ද. ඒ තරමට ගස් හිටවෙන්නෙ නැති එක තමයි ප්‍රස්නෙ.

    ReplyDelete
  3. වවන්නෝ දිනන්නෝ කිව්වට කපන්නෝ දිනන්නෝ නිසා හොරට තමා වැඩිපුරම කැපෙන්නේ.....

    ReplyDelete
  4. ගස් කපන්නෙ නැතුව කාඩ් බෝඩ් වලින් මිනී පෙට්ටි හදනවා.
    එතකොට පරිසරයට හිතකරයි,
    මං මැරුණම එහෙම එකක් හොඳයි.

    ReplyDelete
  5. මරු කවියනේ !! පරණ ගස් ඉතින් නොකපා මොනා කරන්නද? හැබැයි ඉතින් කපලා විතරක් මදි හිටවන්නත් ඕනේ !!

    ReplyDelete
  6. පට්ට කියන්න දෙයක් නෑ උපරිමයි

    ReplyDelete
  7. වැඩක් නෑ කතා කරලා.. දේසපාලුවන්ගේ පවර් තමා ඉතින්

    ReplyDelete
  8. අපේ ගෙදර මහා විශාල ලුණුමිදැල්ල ගහක් තිබුනා,කැපුවේ නෑ අපරාදේ කියලා,ඒත් ඒ ගහේ ජීව කාලය ඉවර වෙලා කාටවත් ප්‍රයෝජනයක් නැතුව මැරිලා ගියා... ගස් උනත් එහෙම මැරිලා යනවා නේ,,මම කියන්නෙත් එහෙම ගහක් මැරෙන්න ඉස්සල්ලා කපලා එතනම තවත් අලුත් ගස් 2ක්වත් හිටවන එක හොදයි කියලා...කොළම හලාවත පාරේ මාදම්පේ හරියේ පාර දිගටම විශාල මාර ගස් පෙලක් තිබුනා තාම තියනවද දන්නේ නෑ,හැබැයි ඒ මාර ගස් කීපයක් කපනවා මම දැක්කා එක පාරක්,,ඔහොම විශාලව පටවගෙන යන්නේ ඒ වගේ මාර්‍ර ගස්

    ReplyDelete

Post a Comment