මම හා සමණළයා

මම කියලා තියනවා නේද, මම ආසම ජීවින් තමයි සමනල්ලු. වත්ත පුරාම ඇවිද ඇවිද සමනල්ලු බලන එක මට මතක ඇති කාලෙක ඉඳන්ම මම පුරුදු වෙලා හිටිය දෙයක්. වියලි කාලගුණයක් තියෙන කාල වලදි , හිතාගන්න බැරි තරම් විශාල සමනල්ලු ප්‍රමාණයක් අපේ වත්තෙ දකින්න ලැබෙනවා. 

ඒ නිසා මට අපේ වත්තෙ දකින්න ලැබෙන සමනල්ලු ගැන පොඩි සටහනක් තබන්න හිතුණා මම බිම බඩගාලා, ගස් උඩ නැගලා ගත්ත ඡායා රූප එක්කම.....(මගෙ කැමරාව හැසිරවීම නම් තවමත් දුර්වලයි. ඒ නිසා මේවාගෙ තත්වය ගැන, විශේෂඥ උපදෙසුත් බලාපොරොත්තු වෙනවා)
දුරකතනයෙනුත්, පොඩි සයිබර්ෂොට් කැමරාවකිනුත් ගත්ත ඒවාත් තියනවා. සමහර අයව නම් කොහොමවත් ඡායාරුප ගත කරන්න අමාරුයි, එක තැනක ඉන්නෙම නෑ.... මම ගෙදර නැති වෙලාවට එන සමනල්ලුන්ගෙ ඡායා රූප ගොඩාක් අරගත්තෙ මගෙ නංගි. එයා ගත්තු පින්තූර වල එයාගෙ නම මම දාලා තියනවා,( නැත්නම් ඉතින් මේක පබ්ලිෂ් කළාට පස්සෙ කොහොම ඔලුව බේරාගෙන ඉන්නද මම....)

(විශාලනය කරන්නට රූප මත ඩබල් කිල්ක් කරන්න)

LIME BUTTERFLY



වේගෙන් පියාසර කරා මෙයාව කැමරාවට අල්ලගන්නත් ටිකක් අමාරුයි. ගොඩාක් වෙලාවට දවල් කාලයෙ දකින්න ලැබෙන්නෙ අවුව ප්‍රිය කරන නිසා. (එයාව ෆොටෝ ගන්න අපිටත් අවුවට යන්න වෙන එක තමයි කරදරේ.) තෙත පස් මතත් වහලා ඉන්නවා දකින්න පුළුවන්.

බිත්තර දැමීමෙදි තනි බිත්තරය බැගින් දමන බවයි සඳහන් වෙන්නෙ. 

මෙයාගෙ කීට අවධිය විලෝපීය සත්වයන්ගෙන් ආරක්ෂාකරන්න ලස්සන උපක්‍රමයක් සොබාදහමෙන්ම ලැබිලා තියනවා. මම කියන්න කලින් ටිකක් බලන්නකො මම ගූග්ල් ට කියලා හොයාගත්තු මේ රූපෙ. 


මොකද්ද හිතෙන්නෙ, එක පාරටම හිතෙන්නෙ, කුරුල්ලෙක්ගෙ වසුරු ගොඩක් වගේ නේද......
බලන්න සොබාදහම මොන තරම් අපූරුද. මොන තරම් සාධාරනද


SMALL BRANDED SWIFT





අම්මා ගෙ බෝගන්විලා පැළ ටික මේ ටිකේ අරක් අරන් ඉන්න එක්කෙනෙක් මෙයා. උදේ පාන්දර ඉඳන් දවල් වෙනකම්ම  මලින් මලට ඉගිලෙමින් රොන් උරන එක තමයි මෙයා කරන්නෙ. එන්නෙත් තනියම නෙමේ, තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක. 

ත‍ටු හතරෙම දෙපැත්තෙ සුදු පාට තිත් දකින්න පුළුවන්. 
රොන් උරන වෙලාවට පිටත ත‍ටු පොළොවට සමාන්තරවත් , ඇතුළට ත‍ටු පොළොවට ලම්භකවත් තියාගන ඉන්න එක මෙයා අයිති වෙන කුලයේ ලක්ෂණයක්.

පියාසැරිය වේගවත්. ඒත් ඡායා රූපයකට පෙනී සිටින්න එක තැන ඉන්න තරම් සංයමයක් නම් මෙයාට තියෙනවා.

PALE PALM DART



මෙයාත් උඩ ඉන්න Common grass dart  එක්ක මේ දවස් වල හරි හරියට තරඟ කරනවා බෝගන්විලා මල් වලට. එන්නෙත් ඒ වෙලාවටම තමයි. තදින් අවුව වැ‍ටුනා කියලා ප්‍රශ්නයක් මෙයාටත් නෑ. 

ගැහැණු සහ පිරිමි සමනළයින් වෙන් කරගන්න හැකියාවක් තියනවා පිරිමි සමණළයගෙ ඇතුළත් ත්‍ටු වල ඇතුළු පැත්තෙ තියන පටියක් ආකාර සලකුණෙන්.


COMMON GRASS YELLOW


මෙයත් මම ආසා එක්කෙනෙක්. සුලභ සමනලයෙක්. 

වියලි කාලගුණයක් තිබෙන කාල වලත්, තෙත් කාලගුණයක් තිබෙන කාල වලත් මෙයාගෙ ස්වරූපය වෙනස් වෙනවා. ඒ ගැන හොඳ විස්තරයක් මෙතන තියනවා.

මේ සමණළයාගෙ හැසිරීම හොඳට අධ්‍යයනය කළොත් දකින්න පුළුවන් විශේෂම කරුණ තමයි , මෙයා පියාසර කරන්නෙ පොළොවට ගොඩක් ආසන්නව. ඒ වගේම අවුවෙ වැලි පොළොවෙ වහලා ඉන්නවත් මම බොහෝ විට දැකලා තියෙන දෙයක්.

COMMON PIERROT

මේ දෙන්නව හම්බුණේ තණකොල ගොල්ලෙ හැංගිලා ඉඳලා. (පෞද්ගලිකත්වයට මම බාධා කළාද මන්දා....)
ඒත් නිදහසේ ඉන්න වෙලාවට මෙයා ගොඩක් ප්‍රිය කරන්නෙ විවෘත පරිසරයෙ තියෙන පැළෑටි අතර ගැවසෙන්න.

ත‍ටු හතරෙම පිට පැත්තෙ ලස්සනට විසිරිලා තියෙන කලු පැහැති ලප මෙයාලට ගේන්නෙ ලොකු විශේෂත්වයක්. ඒත් ත‍ටු වල ඇතුල් පැත්ත ඊට ටිකක් වෙනස්. බලන්නකො ගූග්ල් වලින් මට හම්බුණ මේ රූපෙ දිහා. 

                                   http://farm8.static.flickr.com/7206/6909079709_732688c56d.jpg


CHOCOLATE SOLDIER


ටිකක් අමුතු ඒත් ලස්සන නමක් තියෙන සමනලයෙක්. ගොඩක් වෙලාවට මෙයාව දකින්න පුළුවන් වෙන්නෙ විවෘත පරිසර වල ආලෝකය ඇති ස්ථාන වල. අපේ වත්තෙ නම් වැඩියෙන් ඉන්න කොස් ගස් යට. මොකද ගස් යට ඉදිලා වැටෙන වරකා ගෙඩි වල පැණි උරා බොන්න මෙයා හරි ආසයි.

මේ ඡායා රූපෙ නම් ඉන්නෙ ටිකක් වයස කෙනෙක්. ඒත් , කෝශයෙන් එළියට ආව ගමන් අයගෙ පාට මීට වඩා ලස්සනයි. අවුවට දිලිසෙන ස්වභාවයක් තියෙනවා කොළ සහ නිල් පැහැයට හුරු වර්ණවලින් , මේ පේන දුඹුරු පැහැය මතින්.

මෙයාලගෙ පිරිමි සමනල්ලු අපේ සමහර පිරිමි ළමයි වගේ. කොහෙට හරි වෙලා වහලා ඉඳල ඒ ළඟින් ගැහැණු සමනළයෙක් ගියොත් එයාගෙ පිටිපස්සෙන් එළවාගෙන යාම එයාලගෙ පුරුද්දක්.


PEACOCK FANCY

මම පෞද්ගලිකව ආසම සමණළයා කිවුවොත් නිවැරදියි. ඒ පාටට මම ගොඩක් ආසයි.  මෙයාලගෙ අත්ත‍ටු වල තියන "බොරු ඇස්" නිසා විලෝපිකයින් බිය වද්දා පළවා හැරීම සිදු වෙනවා. 

මේ ඡායා රූපය ගත්තෙ තරමක් ඈත ඉඳන්. මොකද ළඟට යනකොට මෙයා ඉක්මනින් පියඹා යන නිසා. වේගවත් පියා සැරිය නිසා ඒ වෙලාවට ඡායා රූප ගත් කිරීම අපහසුයි. 


TINY GRASS BLUE

පුංචි අහිංසක සමණළයෙක්. මම වැඩියෙ විස්තර දන්නෙ නෑ. හොයලා බලන්නකො. පොළොව මට්ටමට ආසන්නව තියෙන තණකොළ පඳුරු වල මල් වල වැඩි වශයෙන් දකින්න ලැබෙනවා


LEOPARD



දිවා කාලයෙ වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. වේගවත් පියාසැරිය නිසා සමහර වෙලාවට peacock fancy එක්ක පටැලවෙන අවස්ථාත් නැතුවාම නොවෙයි දුරදී.ශරීරයේ මේ රූප ස්වභාවය තමයි මෙයාට මේ වගේ නමක් ලබා දීලා තියෙන්නෙ 

GRAM BLUE



මෙයාගෙ ත‍ටු වල පිටත සහ ඇතුළත එකිනෙකින් වෙනස්. ඇතුළත් ලස්සන දිලිසෙන සුළු ලා නිල් පැහැයක් ගන්නවා. 

පොළොවට ආසන්නව පියාසර කරන පුංචි සමනළයෙක්. මෙයා අයිති වන බොහෝ අයගෙ වගේම ත‍ටු වල පුංචි වලිගයක හැඩයක් දක්නට ලැබෙනවා. පි‍ටුපස ත‍ටු වල මේ පේන්න තියෙන කලු සහ තැඹිලි පැහැ ලප දෙකේ මැදින් මේ වල්ගාකාර කොටස හට ගන්නවා.




මම මේ සඳහන් කරලා තියෙන්නෙ අපිට දකින්න ලැබුණට අපේ අවධානයට වැඩි වශයෙන් යොමු නොවෙන සමනල්ලු කීප දෙනෙක් ගැන. තවත් සමනලු ගණනාවක් අපේ වත්තෙ දකින්න ලැබෙනවා. එයාලාගෙ ඡායා රූපත් තියනව. ඒ නිසා ඒ කට්ටිය ගැනත් ඊළඟ ලිපියකින් ලියන්න හිතුවා මේ ලිපිය දිග වැඩි වෙන නිසා. 

තමන්ගෙ ගෙවත්තට සමනළයන් වැඩියෙන් ගෙන්වා ගන්න නම් කරන්න තියෙන හොඳම දේ සමනළයන් බිත්තර දාන සහ රොන් උරා බොන පැළෑටි , ශාක වර්ග තමන්ගෙ වත්තේ සි‍ටුවන එක. ඒ ගැනත් මීළඟ ලිපියෙන් බලමු.

සමනල්ලු ගැන කවුරු හරි උනන්දුවක් දක්වනව නම්, ඒ දැනුම බෙදා ගන්න අපිත් එක්ක. 
උනන්දුව නැති අයටත් ඒ ගැන උනන්දු වෙන්න ටිකක් හරි හිතුන නම් මේ ලිපියෙ මගෙ අරමුණ සාර්ථකයි. 

ඒත් කිව යුතු දෙයක් තියෙනවා..... දෑතට නෙමේ මේ සුන්දරත්වය, දෑසට පමණයි. කවුරු හරි හිතනව නම්, මේ ලස්සන සමණළයෙක්ව අල්ලලා, වීදුරු රාමුවක් ඇතුලෙ දාලා සාලෙ එල්ලලා ඒ ලස්සන බල බල ඉන්න, ඒක මෝඩ කමක්. අපිට අල්ලන්න අමාරු තරම් වේගයෙන් ඉගිලගෙන යන සමණළයෙක් පස්සෙ දුවලා, එයාගෙ ලස්සන දකින එක වගෙ සතුටක් කවදාවත් එයින් ගන්න බැරි වේවි....!

එහෙනම් සමනල්ලු අධ්‍යනය පටන් ගමු. තවත් පොඩි ප්‍රශ්නයක් තියනවා. කුරුල්ලන් අධ්‍යනය තරම් පහසු නෑ සමනල්ලු අධ්‍යනය. මොකද සමහර සමනළ වර්ග කවදාවත් පොළොව මට්ටමට නොබැස, තුරු මුදුන් වල මට්ටමේ වාසය කරන අය. විශෙශයෙන් කඳුකර ප්‍රදේශ වල සහ තෙත් ප්‍රදේශ වල.

ලිපිය අවසන් කරන්න හිතුවා මේ ඡායා රූපයෙන්. සොබා දහම මැවූ වෙසක් ලන්තෑරුමක්.....!!! :-)



මට සමනළ්ලු පිළිබඳ බොහෝ කරුණු මතක් කරලා දුන්නෙ slbutterflies.lk වෙබ් අඩවිය. කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙ සමනලුන් ගැන තියෙන හොඳින් පවත්වාගෙන යන වෙබ් අඩවි කිහිපයෙන් එකක් ඒ.

P.S

කලින් වුණ වැ‍රැද්දක් නිවැරදි කරනවා චතුරංග ජයවර්ධන ට ස්තූති වෙන්න. Common grass yellow  කියලා වැරදියට මම නම් කරලා තිබුණෙ මෙයාව. (ඇත්ත common grass yellow  ෆොටෝ එකක් අලුතින් දැම්මා. ඒකත් නංගි ගත්තු එකක් මීට අවුරුදු 2කට විතර කලින් පොඩි කැමරාවකින්)


ඇත්තටම මම එයාගෙ නම දැනගෙන හිටියෙ නෑ. හොයලා බලද්දි මට හොයා ගන්න පුළුවන් වුණා මේ  Orange emigrant කියල. 

මේ තියෙන්නෙ එයාගෙ ඇතුළත ස්වරූපෙ. එයාගෙ වේගෙත් එක්ක ඊට වඩා හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙලා නෑ නංගිට.

මේක හම්බුනේ ගූග්ල් වලින්.


Comments

  1. නියම සමනල්ලු ටික !
    මෙවුන්ගේ නම් දැන ගත්තේ අදමයි... !

    ReplyDelete
    Replies
    1. තව ඉන්නව... පස්සෙ බලමුකො..

      Delete
  2. මම නම් ගොඩාක් ආස ගෙම්බො ගැන හොයන්න :D හොද ලිපියක් අක්කේ :)

    ReplyDelete
    Replies
    1. කන්ණාඩිය ඉස්සරහට යන්න :)

      -ප්‍රසා

      Delete
    2. අක්කේ කවුද මේ පූසා :O

      Delete

    3. කවුරු වුණත් අමා නංගිව දැකල තියෙන කෙනෙක්. lol

      Delete
  3. එකෙක් දෙන්නෙක් නම් මාත් දැකල තියනව වගේ මතකයි.
    මෙච්චර සමනල්ලු ඔයාලගෙ වත්තෙ ඉන්නවද? මල් වත්තක් වගේ ඇති එහෙනම්!
    ආයෙ සමනලයෙක් දැක්කොත් අඳුන ගන්න පුලුවන්ද කියල බලන්නම්කො.

    ReplyDelete
    Replies

    1. මීට වඩා ගොඩක් අය ඉන්නවා ඇත්තටම. මල් ටිකක් තියනව. ඊට වඩා මම හිතන්නෙ සමනල්ලු බිත්තර දාන ශාක තියනව, සහ පරිසර තත්වය හොඳයි.
      අනිත් එක මම ඉන්නවනෙ සපොර්ට් එකට... ;-)

      Delete
  4. සමනල්ලු ගැන හොඳ විස්තරයක්. කාලෙකට ඉහත දැකපු බ්ලොග් එකක් මතක් උනා. ඒ බ්ලොග් එක දැන් නෑ. එයාව මතක්වෙලා හිතට පොඩි දුකක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද බ්ලොග් එක පොඩ්ඩි? මම දන්න කෙනෙක් නෙමේ වෙන්න ඇති.

      Delete
  5. Oh, haven't seen a butterfly for a while,good post, and like the photos

    ReplyDelete
    Replies
    1. Your comment remembered me of a novel and its movie. Have you read "all quiet in the western front"? There is a movies created based on that novel. in that movie, a soldier is killed by enemies when he go out in the open land following a butterfly. That butterfly was a rare thing to that war field .....

      Delete
  6. අපි පොඩි කාලෙ අර එක කාලෙකට සමනල්ලු දහස් ගානක් පියාඹන කාලෙ.. අපි කීවෙ ඒ යන්නෙ සිරීපාදෙ වඳින්න කියලා..කාලෙ මතක් උනා.. මන් ළඟ සමනල් පිහාටු එකතුවක් තිබුනා..

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙත් මීට වඩා ගොඩක් සමනල්ලු හිටියා මට හොඳට මතකයි. අපේ වත්තෙ එහා වත්ත ලොකු පොල් වත්තක් අක්කර ගාණක. ඒක ඉස්සර වැඩියෙ සුද්ද කරන්නෙ නෑ. ඒ නිසා හැමතැනම සමනල්ලු , කුරුල්ලො. ඒත් දැන් ඒක සුද්ද කරන නිසා ඒ වගේ සමනල්ලු නෑ. වෙනි අයියා අදම නේද මේ පැත්තෙ ආවෙ?

      Delete
  7. nice work...නංගිගෙ නම හේලි ද?

    ReplyDelete
    Replies
    1. හේලිගේ වල්ගා තරුව

      Delete
    2. ඔව් සර්,එයා හේලි. හැබැයි වල්ගා තරුව නිසා දාපු නමක් නෙමේ. වෙන ලස්සන තේරුමක් තියන විදිය තමයි අම්මා ඒ නම දාලා තියෙන්නෙ.

      Delete
    3. උඩ එක මගේ නම් නෙමෙයි....ඒ නම මීට කලින් මම අහලා තියෙනවා....සුජතා අත්තනයකගෙ ලොකු පුතාගෙ නමත් හේලි අත්තනායක......තව වික්ටර් රත්නායකගෙ සින්දුවක් තියෙනවා "ගොලු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ ..රුවන් දෙරන මිහිතලේ..උපන් බිම අපේ... රකිමු වවමු පනවගේ හේලී ලංකා.... රකිමු වවමු පනපුදා හේලී ලංකා...."

      Delete
    4. ඒcomet එකට නම දැම්මෙත් මගෙ නම ඇහිලලු..හී......

      Delete
    5. ඒ සින්දුවෙ කියන්නෙ හේලී = හෙළ = සිංහල කියන එක නෙමේ ද සර්? මෙයාගෙ නමේ තේරුම "ආලෝකමත් / මනා එලිය ඇති" ඒ වගේ මොකද්ද තමයි අම්මා කියන්නෙ.

      නංගි - ආ? ඔයා එච්චර වයසද? වල්ගාතරුව නම් කරන කාලෙත් ඔයා හිටියද? :P

      Delete
    6. අක්කේ, හේලි කියන්නේ උතුම් කියන එකට.....

      Delete
    7. හෙළ =සිහල හේලි= උස්, උසස්. අමා කියන එකත් ඒ සමානයි

      Delete
    8. ආ හොඳයි හොඳයි..කට්ටිය මම ගැන හරි උනන්දුයි වගේ..

      Delete
    9. This comment has been removed by the author.

      Delete
  8. සිඳුගෙ ගෙදර සමනල් උයනක් වගේනෙ.. සමනල් පින්තූරටික නම් නියමයි.ගොඩාක්ම හිතගියේ නම් වෙසක් ලන්තෑරුමට තමා.. මට පේන්නේ සිඳු නම් වත්ත පුරා කැමරා හයි කොරගෙනද කොහේ ඉන්නෙ. පොටෝවකට අසුනොවී සමනලයො කපල් එකකට උනත් හැංගිලා නිදහසේ වැඩක්පලක් කරගන්න විදියක් නෑ වගේ හික්ක්ස්ස්.. මේ පෝස්ට් එක කලින් පබ්ලිශ් වෙන්න ගිහින් එකපාරටම නැතුවගියා නේද? ඔන්න අක්ක නගෝ දෙන්නගෙම ෆොටෝග්‍රපි වලට උපරිම ලකුනු දෙනවා ඊලඟ වටයට යන්න..

    ReplyDelete
    Replies
    1. හි හී...... ඔව් අප්පා අහිංසක සමනල්ලු පව්. දන්නව නම් මට සමනල උසාවියෙ නඩු දානව

      Delete
  9. මාර ලස්සනයි අක්කේ. මෙච්චර ලඟට සමනල්ලු දැක්කමයි. ඈතට බලන්න ආසයි මම ලඟට සමනල්ලුන්ට බයයි :(

    ReplyDelete
    Replies
    1. මගෙ යාලුවෙකුත් ඉන්නව සමනල්ලුන්ට බය. ආ ඇයි අපේ නංගි. එයා දළඹුවන්ට බයයි. ෆෝබියා එකක් වගේ. ඒත් සමනල්ලුන්ට බය නෑ.

      Delete
  10. ලස්සන ෆොටෝ ටික.ඔහොම ෆොටෝ ගන්න හොඳ සංයමයක් තියෙන්ඩ ඕනේ නේද?අන්න ඒකනං මගේ ළඟ නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට විතරක් නෙමේ, සමනල්ලුන්ටත් හොඳ සංයමයක් තියෙන්න ඕනා. නැත්නම් එක තැනක ඉන්නෙ නෑනෙ..:පී

      Delete
  11. සමනල්ලු ගැන අපූරු විස්තර ටිකක්. මේ සමහර සමනලයින් දැකලා තිබ්බත් නම් දැනගෙන උන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. නම් වල පොඩි වැරදීම් වගයක් තියෙනවා දෙකක. ඒ දෙක ඉක්මනින් හදන්නම්.

      Delete
  12. පලවෙනි එක්කෙනා තමයි ලස්සනම. වෙසක් ලන්තෑරුම නම් පුදුමාකාරයි.

    ReplyDelete
    Replies

    1. ඒක මම ගොඩක් ආසා ෆොටෝ එකක් සයුරි.

      Delete
  13. tropic dart සහ common grass yellow කියල තියන අයනමි වැරදියට හදුනාගෙන වගෙයි. මටත් හොඳටම සමනල් උණ තියනවා :-) fb එකේ ඉන්නවනමි මේ group එකට සමිබන්ද වෙන්න http://www.facebook.com/groups/153339521374784/

    p.s ෆොටෝ ට්ක හරිම ලස්සනයි !!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉක්මනින්ම මාව නිවැරදි කරන්න. මම තවමත් හිතන් ඉන්නෙ ඒ දෙන්න කියලා
      -sindu-

      Delete
    2. ඔයා හරි. මට හොඳටම වැරදිලා.
      tropic dart , pale paim dart විදියටත්,
      common grass dart ,small branded swift විදියටත්,නිවැරදි වෙන්න ඕනා වගේ.

      Delete
  14. මමත් කියනවා වෙසක් ලන්තෑරුම ලස්සනයි.

    ඉස්සර අවුරුද්දෙ මුල් මාසවල් සමනල්ලු රංචු පිටින් දැක ගන්න පුළුවන්. ඒත් කෘෂ් භෝග සඳහා මහාපරිමාණයෙන් කෘෂිරසායන භාවිතකරන නිසා සමනලුන් බෝවිම අඩුයි. ඉන්න තරමක් ඉන්නනෙ වනාන්තර වල විතරයි.

    සිඳුගෙ උත්සාහය නියමයි. ඉගන ගන්න කෙනෙකුට උනත් සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි දයානන්ද අයියෙ. අපේ ප්‍රදේශයෙ කෘෂිභෝග වගාව අඩු නිසා සමනල්ලුන්ට ඒ තරම් හානියක් වෙලා නෑ තවම.

      Delete
  15. ඔය අතර නරක සමනල්ලුත් ඇති නේ??????
    හික්ස්...
    නියම පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒක නම්.... :-) එහෙම අයත් ඉන්නවද

      Delete
    2. මේ ඉන්නෙ.....
      http://books.google.lk/books/about/Billie_B_Brown_The_Bad_Butterfly.html?id=Gq7FUL87visC&redir_esc=y

      Delete
  16. සමනල්ලුන්ගේ තටු වල තියෙන පියරු අයින් උනාම උන් මැරෙනවා කියන්නේ ඇත්තද ? අපේ අම්ම ඔය කතාව කිවුව හින්දා කවදාවත් අපි සමනලයෙක් අතින් ඇල්ලුවේ නැහැ.. සමහරුන්ගේ හිතුත් සමනල තටු වගේ..

    ReplyDelete
    Replies
    1. ඒක මම හරියටම දන්නෙ නෑ සරත් අයියෙ. ඒත් සමනල්ලුන්ගෙ ආයු කාලය හරිම කෙටියි. පුංචි හානියකින් වුණත් ඒ කාලය තව කෙටි වෙන්න පුළුවන් නේද?

      Delete
  17. නියමයි!! සමනල්ලු ඡායාරූපගත කරනව කියන්නෙ නං හරිම අමාරු වැඩක්!! කවදාවත් ඕනෙවට වඩා ලං වුණොත් අරන් ඉවරයි...
    සිඳුයි නංගියි නං ලොකු උත්සාහයක් දරල තියෙනව වැඩේට!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ අපේ නංගි මේ වැඩ වලට ෆුල් සපෝර්ට් මට ඉතින්. එහෙම නංගි කෙනෙක් ඉන්න එකත් වාසනාවක්. ( මේ ප්‍රකාශය එයා දකීවා)

      Delete
  18. එල.මගේනම් සමනැල්ලු ගැන විශේෂ ආසවක් නැ.ඒත් ගොඩක් අය වගේ දළබුවොන්ට කන්න දීලා සමනැල්ලු උනාම අතෑරලානම් තියෙනවා.
    දෙන්නම එකයි වගේ.න*ගිට කැමරාවක් තියෙනම් කන්න ඕනෙත් නෑ.ඒ වගේම හරිම භයානකයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මගෙ කැමරාවට ඇහැ ගහගේ ඉන්නෙ කොයි වෙලෙත්. මොකද මොකද භයානක? එයා පැපරාසි වැඩත් කරනවද?

      Delete
  19. ඇත්තෙන්ම සමනලයා කොච්චර ෆෝටෝජෙනික් වුනත් කිසි විනයක් නෑ අප්පා.

    පොඩි කැමරාවකින් කිව්වට ඔය දීලා තියෙන්නෙ වඩේ නියමෙට, සිඳු. :)


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනේ පව් එහෙම කියන්න එපා. එයාලා විනයානුකූලයි. මමයි විනය කැඩෙන විදියෙ ෆොටෝ ගත්තෙ.

      හෙන්රි අයියෙ මේ ෆොටෝ පිලිවෙලට බැලුවොත් 1,2,4,5,6,7,8,11,15,16 අරන් තියෙන්නෙ නම් canon eos 1100D එකේ 18-55mm ලෙන්ස් එකෙන්. ඒවගෙ පැහැදිලි වෙනසක් තියනව.ඒ ලෙන්ස් එක මේ වගේ මැක්‍රො ෆොටෝ වලට සාමාන්‍යයෙන් හොඳයි මට දැනෙන විදියට.

      Delete
    2. අනේ නෑ සිඳු මම කිව්වෙ සමනලයා එක තැනක ඉන්නෙ නැති එක ගැන. මමත් සමලයෙක් ෆෝටෝ ගන්න සෑහෙන පස්සෙන් දුවලත් තියෙනවා.
      මගෙ චූටි පුතත් ඔයා වගේම සත්තු ගහකොල ෆෝටෝස් ගන්න හරී ආසයි.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  20. හරිම අපූරුයි යාලු..ඔයා තමා ඔන්න මට සමනලයොන්ට ආස කෙරෙව්වේ හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ශා හරි ශෝර්ක් එහෙනම්..

      Delete
  21. ශෝක් විස්තරයක් අක්කේ.. ලස්සනට බැළුවට ඉතින් මෙච්චර දේවල් දන්නේ නෑනේ..

    ReplyDelete
  22. මේ මේ පොඩි අතපසුවීමක් ඔබතුමියට...gram blue ව ගත්තෙ මම බවත් වෙසක් lantern එක පන වගේ බලා ගත්තෙ මම බවත් මෙකෙ ලියවිලා නෑ....

    ReplyDelete
    Replies
    1. ආ.... ඔව් ඔව් එයාව ගත්තෙ සහ වෙසක් ලැන්ටර්න් එක පණ වගේ බලාගත්තෙ අපේ නංගි තමයි. තව මම වෙසක් ලැන්ටර්න් එක ෆොටෝ ගන්නකොට ඒකට පිටිපස්සෙන් කලු ෆයිල් එකක් අල්ලන් හිටියෙත් නංගිම තමයි.

      දැන් හරිද?

      ඒක නෙමේ, මොනාද අර නසියර් කියලා තියෙන්නෙ?

      Delete
    2. හේලි සින්දූපා = උතුම් වූ මහමුහුද
      නරකම කෑ :) :) :) :) :)

      Delete
    3. එයා මේ ටිකේ මොලේ විකාරෙන්ලු..campus strike .නිසා..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  23. ඔය ගූගල් දෙයියන්ගෙන් ගත්ත COMMON PIERROTගෙ ෆොටෝ එක වගේම එකක් මාත් මේ ලගදි ගත්තා..

    සමණල්ලු කියන්නෙ ගොඩ දෙනෙක්ට කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නති දෙයක්.
    මට....කොච්චර ෆොටෝ ගැහුවත් ඇති වෙන්නෙ නැති දෙයක්! :)

    ReplyDelete

Post a Comment