පුංචි ලස්සන මලක්. හරිම හුරුබුහුටියි.
ඉස්සර තේක්ක මල් පිපෙන කාලෙට මම හවසට වත්ත වටේම ඇවිදලා, බිම වැටෙන මල් අහුලනව. අහුලලා ලොකු තේක්ක කොලේකට ඒව එකතු කරනව. සමහර ඒවගෙ සියුම් වැලි ඇලිලා තියෙනව. ඒ වැලි කටින් පිඹලා අයින් කරලා ඒවත් තේක්ක කොලේට දානව. ඊට පස්සෙ නැට්ට දිගට තියෙන තණකොල මල් කඩලා ඒ දිගට තේක්ක මල් අමුනනව. ඊට පස්සෙ ඒවගෙන් මාල , වළලු හදනවා. ටිකක් වෙලා ඒව පැළඳගෙන ඉද්දි සුදුපාට මල් දුඹුරු පාට වෙලා හොඳටම පර වෙලා යනව. පහුවදත් හවසට වත්තට ගිහින් මම තේක්ක මල් අහුලනව. ඒ අහුලන ගමන් , ගස් උඩ ඉඳන් මල් වැටෙද්දි, ඒ වැටෙන්නෙ හිම කියලත් හිතෙන් මවා ගන්නව. ටික දවසකින් තේක්ක මල් ඉවර වෙනව. ආයෙමත් තේක්ක පිපෙනකම් මාස ගාණක් බලන් ඉන්න වෙනව.
ආයෙමත් වත්ත වටේ තියෙන තේක්ක ගස් වල මල් පිපිලා. හවසට හුළඟත් එක්ක සට සට ගාල මල් වැස්සක් වගේ මල් බිමට හැලෙනව. කවදාවත් බිම වැටෙන්නෙ නෑ වගේ ගහේ මුදුනෙම පිපිලා හිටිය මල් සේරම බිම හැලෙනව. කොල පාට තණකොල අස්සෙ පැටලිලා ඒව මවන්නෙ ලස්සන දර්ශනයක්. ඉස්සර වගේ අමුණන්න තණකොල මල් හොයන්න අමාරුයි. මැෂින් එකෙන් තණකොල ගාණට කපද්දි මල් කැපිලා ගිහින්. ඒත් තේක්ක ගස් ටික ඉස්සර වගේම මල් වැහි වස්සවනව. පොළොව ඒ මල් ආදරෙන් වැළඳ ගන්නව. ගහ උඩ ඉද්දි පොළව දිහා හැරිලවත් නොබලපු, හුළඟට විතරක්ම පෙම් බැන්ද තේක්ක මල්, ඒ හුළඟින්ම ගැලවිලා වැටෙද්දි හිතේ කිසිම කහටක් නැතිව පොළව ඔවුන්ව පිළි ගන්නව.
තුරු හිසෙහි කිරුලු දැරු
හුරු බුහුටි මල් පොඩිති
ගැලූ සුළඟට පමණි
නෙතට නෙත යා කළේ
පොළොව දෙස නෙත් යොමා
මොහොතකට නොබැලුවද
හැමූ සුළඟට පමණි
සිනහ පෙති දිගු කළේ
සැඳෑ හොම්මන් අඳුරෙ
තුරු වදුලු ගිලෙන සඳ
ගැලූ ඒ සුළඟමයි
සිනහ පෙති පොඩි කළේ
ගසින් ගිලිහී වැටෙත
ඒ සුමුදු සුසුදු වත
නොරිදවා පොළොවමයි
ඇය වඩා සැනසුවේ

තේක්ක මලක් මම හරියටම දැකලා නෑනේ.. ටිකක් ලං කරලා මලක ෆොටෝ එකක් ගත්තනම් වටිනකම කියලා වැඩක් නෑ ඉතින්..
ReplyDeleteමේ තියෙන්නෙ තේක්ක මල් තමයි මල්ලි
Delete"හුළඟට විතරක්ම පෙම් බැන්ද තේක්ක මල්, ඒ හුළඟින්ම ගැලවිලා වැටෙද්දි හිතේ කිසිම කහටක් නැතිව පොළව ඔවුන්ව පිළි ගන්නව."
ReplyDeleteහරියටම වැරදි පාරෙ ගිහින් ආපහු ආවම මං ඕක වෙයි කියල කිව්ව පුතේ ...ඔයා මං කී දේ ඇහුවා නං මෙහෙම වෙන්නෙ නෑ කියල නොකියා අම්මා පිළිගන්නවා වගේ..
හරියටම හරි සරත් අයියෙ. ඒ වගේ අදහසක් හිතේ තියාගෙන තමයි මේක ලිවුවෙ
Deleteමේ වගේ පුංචි, මලකින් මෙච්චර දුරක් යයි කියලා හුලඟවත්, පොලොවවත් හිතුවේ නෑලු. :)
ReplyDeleteඔව් නේද? තේක්ක මල් නිකම් වත් හිතන්න නැතුව ඇති එයාලගෙ වැඩ ගැන බ්ලොග් එකක ලියවෙයි කියල ;-)
Deleteමේ දවස්වල මමත් තේක්ක මල්වල සුන්දරත්වය විදිනවා.. අපේ ගේ පිටිපස්සෙ උදුපියලිය තීරුවට සුදු පාට තේක්ක මල් වැටිල තියෙනවා හරිම ලස්සනයි... තේක්ක මල් විතරක් නෙවෙයි මේ දවස්වල හල්මිල්ල ගස්වලත් මල් පොකුරු... අමුතු ලස්සනක්.....
ReplyDeleteකවියත් හරිම ලස්සනයි....
දැන්නෙ මතක් වුණේ. අපි පොඩි කාලෙ අපේ ගෙදර තිබුණ උඳුපියලිය උඩටත් තේක්ක මල් වැටෙනව තමයි.
Deleteහල්මිල්ල මල්? ස්වරූපය මතක් කරගන්න අමාරුයි.... හොයල බලන්න ඕන ගෙදර ගියාම ආයෙමත්
සෑහෙන්න උත්සාහ කලා තේක්ක මලක් හිතේ මවා ගන්න. ම්ම්හ්හ් ආවෙම නෑ තේක්ක මල කොහොම එකක්ද කියලා.
ReplyDeleteඒ ඔස්සේ ගිහින් මම සිඳුගේ පරන විස්තර ගොඩාක් කියවලා ආවා හැබැයි.
මේ තියෙන්නෙ තේක්ක මල් තමයි. පුංචි සුදු මලක්. සෙන්ටිමීටරයටත් අඩුයි විශ්කම්භය.....
Deleteඔයා තේක්ක මල් අහුලද්දි අපි පොඩි කාලෙ මඤ්ඤොක්කා කොල වලින් මාල වලලු හැදුවා...ඒ පුංචි කාලෙ කොයි තරම් නම් රසවත්ද..
ReplyDeleteඒව අපිත් කළා. ඇයි ගහේ මැද්දෙ තියෙන සුදු පාට කොටස අයින් කරගන්න දඟලපු දැඟලිල්ලක් ඒ දවස් වල.
Deleteකොස් කොල ඔටුනු හදපු හැටි.
ඇත්තමයි ඒ කාලෙ හරි රසවත්. ලියන්න ඕන වෙනම පෝස්ට් එකක්
ඇත්තම කියනව නම් මටත් හරියටම මතක නෑ තේක්ක මල්. ඒත් කවියත් විස්තරයත් ගොඩක් ලස්සනයි. දැන් කොහෙද වැඩ කරන්නෙ?
ReplyDeleteමේ තියෙන්නෙ තේක්ක මල් තමයි මිස්. හවස අඩු ආලෝකය යටතෙ ෆොටෝ ගද්දි ඒ තරම් ලස්සන වුණේ නෑ. පහුවදා මම මෙහෙ ආවා, මල් වැටෙන වෙලාවට කලින්. මෙහෙ විස්තර කියල මම ඊ මේල් එකක් දැම්මා....
Deleteකවිය ලස්සනයි අපි නං ඉතින් ඉන්නේ තේක්ක යායක් ම මැද
ReplyDeleteෂා.... එහෙනම් මේ දවස් වල හවසට හිම වැටෙනවා වගේ ඇති.
Deleteහ්ම්
ReplyDeleteඅපුරු පොස්ට් එකක්... අපූරු කවියක් ලස්සන සටහනක්...
මෙහෙත් තේක්ක තියනව ඒත් කවදාවත් තේක්ක මලක් ඇහිදින්න ඖන කියල හිතිල නෑ...
ආයෙත් එන්නංකො
හැමදාම
Mona maseda thekk mal pipenne
ReplyDeleteතේක්ක මල් පිපෙන කාලයක් තිබෙනවාද
ReplyDelete