සයුරු රළ පෙළ ගැටෙන කොහේදෝ දුර ඈත

සයුරු රළ පෙළ ගැටෙන
කොහේදෝ දුර ඈත
තරු වියන් යටට වී
මුහුදු සුළඟට මුසුව
කිඳුරියන් මුමුණනා
ගීත නුඹ අහනවා

තරුවකුදු එළිය නැති
අඳුරු අහසක් අසල
නුඹ නොමැති පාළුවෙන්
ගිලන් වූ මගේ හිත
අවසන්ම පිටු අතර
දුක් කවක් ලියනවා

නුඹේ මුහුණට වැටෙන
තරු එළිය වී පැමිණ
තුරුළෙ මොහොතක රැඳෙනු
බැරිද සිත අහනවා
කවි අකුරු මුසු කරන්
මුහුදු සුළඟේ වෙලී
නුඹෙ සවන් සිඹින්නට
හදවතම කියනවා



Comments

  1. පුද්ගලික අත්දැකීමක්ද. නැත්නම් මේ චිත්‍රය දැකලා ලියවුනු කවියක්ද?

    ReplyDelete
    Replies
    1. හිතේ මැවුන අත්දැකීමක්. ජීවිත අත්දැකීමක් නෙමේ.

      Delete
  2. Replies
    1. ස්තුතියි නිර්මාණි

      Delete

Post a Comment